විදුහල්පති පණිවිඩය
රෝහණ රාජමන්ත්‍රී මයා
මප/නා/පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලය මධ්‍යම පලාතේ නාවුුල අධ්‍යාපන කලාපයේ කීර්තිමත් පාසලකි. මනරම් පරිසරයකට මෙන්ම ගැමි ජනතාව වෙසෙන ප්‍රදේශයකට උරුමකම් කියන පාසලේ එදාමෙදා තුර බිහි වූ විශිෂ්ඨයන් බොහොමයකි.
දිනෙන් දින, තත්පරයෙන් තත්පරය තාක්ෂණික දියුණුවක් අත්පත් කරගන්නා ලෝකයක පාසලක් ලෙස අපද එම දියුණුවට අනුගත වෙමින් කටයුතු කළ යුතුය. බාහිර පාර්ශවයන් සමඟ පාසලේ තොරතුරු සන්නිවේදනයේදී වෙබ් අඩවියක් ඉතා මහඟු කාර්යයක් ඉෂ්ට සිද්ධ කරයි. එහිදී අප පාසල වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය මාහැඟි පිටිවහලක් වනු ඇති බව මම විශ්වාසය කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ දියුණුවට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කාර්යය වෙනුවෙන් උර දුන් සියලුම පාර්ශවන්ට මා මෙහිදී ස්තූතිවන්ත වෙමි. තාක්ෂණය ඵලදායී ලෙස භාවිත කරමින්, තම අධ්‍යයන කටයුතු සාර්ථක කරගන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවායි සියලුම දරුවන්ට මම සුභාශිංසන එකතු කරමි.
රෝහණ රාජමන්ත්‍රී මයා
විදුහල්පති
මප/නා/පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලය.





